ආසියානු ක්‍රිකට් ශුරියන්ට විශාල මුදල් ත්‍යාගයක්

ආසියානු ක්‍රිකට් ශුරියන්ට විශාල මුදල් ත්‍යාගයක්

ආසියානු කුසලාන විස්සයි 20 කාන්තා ක්‍රිකට් ශූරතාව දිනූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශාල මුදල් ත්‍යාගයක් අද (29) රාත්‍රී ප්‍රදානය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම මුදල් ත්‍යාගය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පුදුමයට පත්කරන වටිනාමක් බවත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තව දුරටත් දිරිගැන්වීම එයින් බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා කීය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉතිහාසගත ජයග්‍රහණය අගයමින් අද රාත්‍රී විශේෂ උත්සවයක් පැවැත්වේ.