T20 ලෝක කුසලානයට එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අමෙරිකාව බලා පිටත්වෙයි

T20 ලෝක කුසලානයට එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අමෙරිකාව බලා පිටත්වෙයි

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියේය.

මෙම තරගාවලිය එළඹෙන ජූනි මස 01 දින සිට ජූනි මස 29 දින දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් රාජ්‍යයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය වනිදු හසරංග විසින් හොඹවනු ලබන අතර කණ්ඩායමේ කළමනාකරු ලෙස මහින්ද හලංගොඩ මහතා කටයුතු කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් 15 දෙනෙකු, අතිරේක ක්‍රීඩකයින් 04 දෙනෙකු සහ කළමනාකරුවන්, පුහුණුකරුවන්, වෛද්‍යවරුන්, භෞත චිකිත්සකයින් ඇතුළු 25 දෙනෙකුගෙන් යුතු පිරිසක් ඇතුළත්ය.

මෙම ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් මුළින්ම ඩුබායි බලා පිටත්ව ගොස් එතැන් සිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය.

Share This