ක්‍රිකට් නඩුව යළිත් කල්යයි

ක්‍රිකට් නඩුව යළිත් කල්යයි

ක්‍රිකට් අන්තර් පාලන මණ්ඩලයක් පත් කිරීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සම විභාගය හෙට (24) දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.

ඒ එම පෙත්සම අද (23) සෝභිත රාජකරුණා සහ ඩී.එන්.සමරකෝන් යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසින් මෙම පෙත්සම ගොනු කළ අතර ඊයේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී එය සළකා බැලීම අද (22) දක්වා කල් තැබුණි.

Share This