රුධිර පරික්ෂාවකට වැඩියෙන් මුදල් අයකල පෞද්ගලික රෝහලකට රු.ලක්ෂ පහක දඩයක්
හැටන් නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක පුර්ණ රුධිර පරික්ෂාවක් සිදු කිරිමට අනුමත මුදලට වඩා වැඩි මුදලක් අයකල රෝහලේ පාලන අධිකාරියේ නිලධාරියෙකු අද (04) දින හැටන් මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී සැකකරු වරද පිළිගැනීමෙන් අනතුරුව සැකකරුට රු ලක්ෂ පහක දඩයක් ගෙවන ලෙසට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්රාත් එම්.ෆරුක්ඩින් මහතා නියෝග කර ඇත.
පුර්ණ රුධිර පරික්ෂාවක් සිදු කිරිම සදහා රු 400 ක මුදලක් නියම කර තිබියදි, එම රෝහලේ පාලන අධිකාරිය විසින් රෝගින්ගෙන් රු 600 ක මුදලක් අය කරන බවට රෝගින්ගෙන් ලද පැමිණිලි කිහිපයක් මත නුවරඑලිය දිස්ත්රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ දිස්ත්රික් ප්රධානි අමිල රත්නායක මහතා සහ නිලධාරින් පිරිසක් විසින් විමර්ෂණයක් සිදු කර රෝහලේ පාලන අධිකාරියට එරෙහිව හැටන් මහෙස්ත්රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
මෙවැනි අසාධාරණ මුදල් අය කිරිම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිලිබදව දිස්ත්රික්කය පුරා අඛණ්ඩව විමර්ෂණ කටයුතු සිදු කර නෛතික පියවර ගැනිමට කටයුතු කරන බවද අමිල රත්නායක මහතා පැවසිය.