බහාලුම් 459 ක් නිදහස් කෙරේ
කොළඹ වරායෙන් ඊයේ (13) දින බහලුම් 459 ක් නිදහස් කර ඇති අතර ආර්.සී.ටී. ග්‍රේලයින් 1 සහ 2 අංගනවලින් බහලුම් 242 ක් පරීක්ශාව අවසන් කර නිදහස් කළ බවත් අතිරේක අධ්යක්ශ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
රේගුවෙන් දිනකට පරීක්ෂා කර බහලුම් 500 ක් පමණ නිදහස් කළ හැකි වුවත් නිෂ්කාෂන නියෝජිතයින්ගේ සහ ලොරි රථ රියදුරන්ගේ පැමිණීම අඩුවීම හේතුවෙන් නිදගස් කළහැකි ප්‍රමාණය මෙසේ පහත මට්ටමක පැවතුණ බවත් භාණ්ඩ පරීක්ෂණ අංගන වෙත නිදහස් කිරීමට වරාය තුළ බහලුම් 496ක් ඉතිරි වී තිබෙන බවත් ඒ මහතා කීය.
අද දින (14) නිවාඩු දිනයක් වුවත් රේගුව සහ අදාල අනෙකුත් රාජ්‍ය ආයතන බහලුම් නිදහස් කිරීමේ කටයුතු වල නිරතව සිටින බවද අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.