පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක්

පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක්

වෙළඳ පොළේ බිත්තර මිල අඩුවීමට සාපේක්ෂව බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල අඩු කරන්නැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හෝටල් සහ බේකරි හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

පසුගිය කාලය තුළ වෙළෙඳපොළේ ඉහළ මිලකට අලෙවි වූ බිත්තරයක මිල මේ වන විට රුපියල් 28ත් 35ත් අතර මිලක් ගන්නා බවත් ඒ අනුව, එම වාසිය පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට පියවර ගත යුතු බවයි, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා පැවසුවේ.

එමෙන්ම බිත්තර ආශ්‍රිත නිෂ්පාදන අළෙවි කරන මිල පැහැදිලිව ප්‍රදර්ශනය කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දී තිබේ.

එම අධිකාරිය සඳහන් කළේ, මිල ප්‍රදර්ශනය නොකරන වෙළඳුන් සොයා වැටලීම් ක්‍රියාත්මක බවත් ඔවුන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන බවත්ය.