කෝටි තුනහමාරක කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 57 ක් ගිල දමා පැමිණි කාන්තාවක් අල්ලයි

කෝටි තුනහමාරක කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 57 ක් ගිල දමා පැමිණි කාන්තාවක් අල්ලයි

රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 57 ක් පමණ ගිල දමා පැමිණි 38 හැවැරිදි මැඩගස්කර් ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඇය මුළින්ම ඉතියෝපියාවේ අඩිස්අබාබා නුවර සිට ඉන්දියාවේ මුම්බායි නුවර වෙත පැමිණ, එතැන් සිට විස්තාරා ගුවන් සේවයේ යූ.කේ.- 131 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇය මෙම කොකේන් මත්ද්‍රව්‍ය උපත් පාළන කොපු තුළ බහා, තවදුරටත් පිටතට කාන්දු වීමක් සිදු වුවහොත් එය වළක්වා ගැනීමට සෙලෝ ටේප් මගින් ද අලවා තිබුණි.

මෙසේ අත් අඩංගුවට ගත් කාන්තාව, ඇය විසින් ගිල දමා පැමිණි කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගය පිටතට ගැනීම සදහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර, එම රෝහලේ වෛද්‍යවරුන් විසින් ඇයට විරේක බෙහෙත් ලබා දෙමින්, එම ගුලි තොගය එළියට ගැනීමට ප්‍රයත්න දරා තිබුණි.

ඇය විසින් ගිල දමා පැමිණි මෙම මත්ද්‍රව්‍ය ගුලි තොගය පිටතට ගැනීමෙන් පසු මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සදහා මෙම කාන්තාව සමග මෙම කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට නියමිතය.

Share This