නීතිවිරෝධී ලෙස ගෙන්වූ රුපියල් කෝටි 20 කට අධික භාණ්ඩ තොගයක් රේගු භාරයට
නීතිවිරෝධි ලෙස මෙරටට එවන ලද බහාලුම් දෙකක තිබී රුපියල් කෝටි 20කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් ශ්‍රී ලංකා රේගුවේ අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් සිය භාරයට ගෙන තිබේ.
මිල අධික සුවද විලවුන්, චොකලට්, සපත්තු ඇතුලු භාණ්ඩ මෙලෙස අත්අඩංගුවට ගත් භාණ්ඩ අතරට ඇතුළත්.
විදේශයන්හී සේවය කරනු ලබන ජනතාවගේ භාණ්ඩ මුවාවෙන් මෙම භාණ්ඩ තොගය මෙරටට ගෙන්වා තිබේ.
දිවයිනේ විවිධ ප්‍රදේශවල ලිපිනයන්ට මේවා එවා තිබූ නමුත් එම ලිපින සියල්ල පාහේ ව්‍යාජ ඒවා බවටයි අනාවරණ වී ඇත්තේ.