උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්

උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්

උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීම හෙට (19) මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම උපදෙස් පිළි නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 25 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එය දෙසැම්බර් මස 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඒ විභාග මධ්‍යස්ථාන 2,312 ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319 කදීයී.

මෙවර විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව 333,185 ක් වේ.

ඒ අතරට පාසල් අයදුම්කරුවන්, දෙලක්ෂ පනස්තුන්දහස් තුන්සිය අනූවක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 79,795 ක් ඇතුළත්.