නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග අයෙක් කටුනායක දී අත් අඩංගුවට

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග අයෙක් කටුනායක දී අත් අඩංගුවට

රුපියල් විසි එක් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ ගුවන් මගියෙකු අද (18) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඩුබායි හි ආපනශාලාවක සූපවේදියෙකු ලෙස රැකියාව කළ මෙම ගුවන් මගියා 38 හැවිරිදි නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ මැන්චෙස්ටර්, ඇඩ්‍රස් කින්ග් සහ ගෝල්ඩ් ලීෆ් යන විදේශීය නිෂ්පාදිත දුම්වැටි 21,400 ක් සගවා ගෙන තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම ගුවන් මගියා සහ අත් අඩංගුවට ගත් දුම්වැටි තොගය අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.