ඩුබායි ගිය වොලිබොල් ක්‍රීඩිකාව ලක්ෂ 30 ක දුම්වැටි හොර පාරෙන් ගෙනත් මාට්ටු

ඩුබායි ගිය වොලිබොල් ක්‍රීඩිකාව ලක්ෂ 30 ක දුම්වැටි හොර පාරෙන් ගෙනත් මාට්ටු

රුපියල් තිස් එක් ලක්ෂ විසි දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අද (20) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය මාතලේ, නාඋළ, කනමුලයාය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වොලිබෝල් ක්‍රීඩිකාවකි.

ඇය ඩුබායිහි කෙටි සංචාරයක නිරත වී පැමිණෙන අතරතුර මෙසේ නීතිවිරෝධී ලෙස මෙම දුම්වැටි තොගය ද රැගෙන විත් තිබුණි.

ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත ”ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි 20,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 104 ක් සගවා ගෙන සිටියදී, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය මේ වනවිට පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, එළඹෙන 25 දින ඇය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.