චීනය බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි

චීනය බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි

වසර 40 කට පමණ පසු චීනය ඊයේ (25) දිනයේ ජාත්‍යන්තර මුහුද වෙත දිගු දුර අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමක් සිදුකර තිබේ.

ඒ සම්බන්ධයෙන් රටවල් කිහිපයක් සිය කනස්සල්ල පළ කර තිබෙන අතර චීනය සඳහන් කර ඇත්තේ, සිය අත්හදා බැලීම සම්බන්ධයෙන් තමන් අනෙකුත් රටවල් දැනුවත් කර තිබෙන බවයි.

ජපානය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය යන රටවල් එලෙස සිය කනස්සල්ල පළ කර ඇති අතර ඔවුන් සඳහන් කර ඇත්තේ, එම අත්හදා බැලීම සම්බන්ධයෙන් කිසිඳු දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

අන්තර් මහද්වීපික බැලැස්ටික මිසයිල යනු එක් මහද්වීපයක සිට තවත් මහද්වීපයකට කිලෝ මීටර් දහස් ගණනක් දුරට විදිය හැකි මිසයිල වර්ගයක් වන අතර චීනය අත්හදා බැලූ මිසයිලය, න්‍යෂ්ටික යුද ශීර්ෂයක් රැගෙන, කිලෝ මීටර් 5,500 කට වඩා වැඩි දුරකට විදිය හැකි එකක් බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.