චීනයේ සාප්පු සංකීර්ණයක ගින්නක් – 16 ක් මරුට

චීනයේ සාප්පු සංකීර්ණයක ගින්නක් – 16 ක් මරුට

නිරිතදිග චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයක ඇති වූ දැවැන්ත ගින්නකින් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බීජිං අගනුවර සිට කිලෝමීටර් 1900ක් දුරින් පිහිටි අධි තාක්‍ෂණික කලාප නගරයක් වන සිගොං හි මහල් 14කින් යුත් වාණිජ ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන තිබේ.

ගින්න හේතුවෙන් ගොඩනැගිල්ල තුළ සිරවී සිටි පුද්ගලයින් 75 දෙනෙකු පමණ ඉවත් කර ඇති බව එරට ප්‍රාදේශීය ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි.

ගින්න ඇතිවීමට හේතුව කුමක්ද යන්න හෝ ගින්න හටගන්නා විට ගොඩනැගිල්ලේ කොපමණ පිරිසක් සිටියාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

ඉදිකිරීම් කටයුතු හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට මූලික විමර්ශන වලින් පෙනී ගොස් ඇති බව එරට ප්‍රාදේශීය ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි.