පොල් ගෙඩියක් හිසට වැටී පෙර පාසල් දැරියක් ජීවිතක්ෂයට

පොල් ගෙඩියක් හිසට වැටී පෙර පාසල් දැරියක් ජීවිතක්ෂයට

හිස මතට පොල් ගෙඩියක් වැටීමෙන් තුවාල ලැබූ පෙරපාසල් දැරියක ඊයේ (01) ජීවිතක්ෂයට පත් ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, මාවනැල්ල මාවාන පාර ප්‍රදේශයේ පදිංචිව සිටි රනුලි හසත්මා එදිරිමාන්න නමැති වයස අවුරුදු තුනහමාරක දැරියකි.

පොල්ගෙඩිය වැටීමෙන් තුවාල ලැබූ දැරිය මාවනැල්ල මූලික රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු බරපතළ තත්වයේ පසුවූ බැවින් මහනුවර ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතයි මාවනැල්ල පොලිසිය පැවසීය.

දැරියගේ මව පවුල් සෞඛ්‍ය සේවිකාවක් බවත් පියා රජයේ රෝහලක ගිලන්රථ රියදුරකු වශයෙන් කටයුතු කරන බවද පොලිසිය පැවසීය.

පෙරපාසැලේ පාලිකාව විසින් ගේට්ටුව වසා දැමීමට පැමිණි අවස්ථාවේ පිටුපසින් දුවගෙන ආ දරුවන් තිදෙනා සමග ඇය නැවත පෙරපාසලට යමින් සිටියදි රනුලි දියණියගේ හිසට පොල් ගෙඩියක් වැටීමෙන් තුවාල ලබා රෝහල් ගතකර ඇත.

මියගිය දියණියගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මහනුවර ජාතික රෝහලේදී සිදුකිරීමට නියමිතව ඇති බවද පොලිසිය පැවසීය.