කොන්ක්‍රිට් රැගෙන යන බටය පිපිරී ළදරු වාට්ටුවක සිඟත්තෝ තුවාල ලබති

කොන්ක්‍රිට් රැගෙන යන බටය පිපිරී ළදරු වාට්ටුවක සිඟත්තෝ තුවාල ලබති

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ඉඳිකෙරෙමින් පවතින සිව්මහල් ගොඩනැඟිල්ලකට කොන්ක්‍රීට් මිශ්‍රණ යොදා රැගෙන යමින් තිබූ යන්ත්‍රයක බටයක් පුපුරායාමෙන් කොන්ක්‍රීට් මිශ්‍රණ 15 වන වාට්ටුවේ වහලය මත වැටී සිවිලිම කඩාගෙන වාට්ටුව තුළට වැටීමෙන් මව්වරුන් තිදෙනෙකු, සිඟිත්තන් පස්දෙනෙකු සහ පවුල් සෞඛ්‍ය සේවිකාවක් තුවාල ලබා ඇතැයි මොනරාගල රෝහල් පොලීසිය පවසයි.

මෙම අනතුර සිදුවී ඇති 15 වාට්ටුවේ සිටින්නේ දරු ප්‍රසූතියෙන් පසු දරුවන් සමඟ සිටින මව්වරුන් සහ දරුවන්ය.

එකවරම පහළොවේ වාට්ටුවේ සිවිලිම කඩාගෙන කොන්ක්‍රීට් මිශ්‍රණ වාට්ටුව තුළට වැටී ඇති අතර එම මිශ්‍රණ දරුවන්ගේ සහ මව්වරුන්ගේ ඇඟවල් මතට පතිතවී තිබේ.

රෝහලේ සිටි සේවක සේවිකාවන් සහ වෛද්‍යවරු වහා ක්‍රියාත්මකවී තුවාල ලැබූ දරුවන් සහ මව්වරුන් ප්‍රථිකාර සඳහා යොමු කර ඇත.

ඔවුන්ගේ තත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.