
චීන ආනයනවලට අමෙරිකාවෙන් සියයට 104ක තීරු බද්දක්
චීන ආනයන සඳහා අද (09) සිට 104% ක තීරු බද්දක් පැනවීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ.
මෙරට වේලාවෙන් අද පෙරවරු 9.30 සිට එය බලාත්මක වනු ඇති.
අමෙරිකාව චීනයට අවස්ථා දෙකකදී පැනවූ සියයට 54ක තීරු බදුවලට එරෙහිව චීනයද අමෙරිකාවට සියයට 34ක ප්‍රති තීරුබදු පැනවීය.
මෙම තීරණයට විරෝධය පළ කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා සිටියේ, අමෙරිකානු භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු පැය 24ක් තුළ ඉවත් කිරීමට චීනය කටයුතු නොකළහොත් අමෙරිකාවට ආනයනය කරන චීන භාණ්ඩ සඳහා තවත් 50%ක බද්දක් පැනවීමට තමන් පියවර ගන්නා බවය.
මීට ප්‍රතිඋත්තර ලබා දෙමින් චීන වාණිජ අමාත්‍යංශය පවසා ඇත්තේ, ට්‍රම්ප්ගේ මෙම අත්තනෝමතික තීරුබදු පැනවීමට එරෙහිව අවසානය දක්වා සටන් කිරීමට චීනය සූදානම් බවය.
එවන් පසුබිමක අමෙරිකාව විසින් චීන ආනයන සඳහා මෙලෙස 104%ක බදු පැනවීමට පෙළඹී තිබේ.
මේ අතර ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 70 කට ආසන්න සංඛ්‍යාවක්, තීරු බදු සම්බන්ධයෙන් අමෙරිකාව සමග සාකච්ඡා කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බව ධවල මන්දිරය පවසයි.