චමුදිත යළිත් සී.අයි.ඩී  ට කැඳවයි

චමුදිත යළිත් සී.අයි.ඩී ට කැඳවයි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

ඒ, බෞද්ධ ආගමික සංකල්ප විකෘති කළ විශ්ව බුද්ධ නමින් පෙනී සිටි තැනැත්තා සමග කළ සංවාදයක් පිළිබඳ විමර්ශන කටයුත්තක් සඳහාය.

ඒ අනුව, ලබන අඟහරුවාද උදෑසන 10ට ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.

ආන්දෝලනාත්මක සංවාද මෙහෙයවීම හේතුවෙන් ඔහුට අවස්ථා ගණනාවක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට සිදුවිය.

Share This