
චාමර සම්පත් යළි රිමාන්ඩ්
ඌව පළාත් සභාව නමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ යැයි කියන සිද්ධියට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ලබන 08 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද(01) නියෝග කළාය.
සැකකරු සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බවට අල්ලසූ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළාය.
විමර්ශන අවසන් අවසන් කර වැඩිදුර වාර්තාවක් එදිනට ඉදිරිපත් කරන ලෙසටද අල්ලස් කොමිසමට නියෝග කළාය.
ඌව පළාත් සභාවේ මහ ඇමතිවරයාව සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ගිණුම් හයක් 2016 වසරේ ඉවත් කරගෙන රජයට පාඩුවක් කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.