
චාමර අධිකරණයට රැගෙන එයි
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (07) උදෑසන රැගෙනවිත් තිබේ.
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි මන්ත්‍රීවරයා බන්ධනාගාර බස් රථයකින් බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ බවයි, වාර්තා වන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පසුගිය (27) වනදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ ප‍්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදීය.