ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ඖෂධ තොගයක් යළිත් මෙරටට ගෙන්වලා – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ඖෂධ තොගයක් යළිත් මෙරටට ගෙන්වලා – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් දේශපාලනඥයින් ඇතුළු නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වන පසුබිමක තවත් එවැනිම ඉමියුනොග්ලොබින් ඇතුළු පිළිකා ඖෂධ තොගයක් ගෙන්වා ඇති බවට විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා චෝදනා කරනවා.

ඒ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදුකරන්නැයි ඉල්ලා ඒ මහතා අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය පසුගිය දිනවල රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ අතර, ඊට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණයට පියවර ගත්තා.