වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම්
පසුගිය මහමැතිවරණය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු වශයෙන් තරග කළ වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා.
ඒ ආයතන සංග්‍රහය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසින් කරන ලද විමර්ශනයක දී හෙළි වීමෙන් පසුවයි.
පසුගිය සමයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බාල ඖෂධ වංචාව ඇතුළු සෞඛ්‍ය සේවයේ බරපතළ වංචා දූෂණ ගණනාවක්ම දිගින් දිගටම අනාවරණය කිරීමට වෛද්‍ය චමල් සංජීව මහතා කටයුතු කරනු ලැබුවා.
දරුවන්ගේ මන්දපෝෂණ තත්වය පිළිබඳ කළ ප්‍රකාශයක් හේතුවෙන් 2022 වසරේදී වැඩ තහනමකට පවා වෛද්‍ය චමල් සංජීව මහතා ලක් වුවා.