චීන රජයෙන් රු.මිලියන 400ක ආධාර තොගයක්
පසුගිය දිනවල මෙරට තුළ පැවති ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් චීන රජය විසින් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 400ක වටිනාකමකින් යුත් මානුෂීය ආධාර ද්‍රව්‍ය තොගයක් ලබාදීමට තීරණය කර තිබේ.
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පසුගිය 22 වනදා ද චීන රජය රුපියල් මිලියන 30ක (USD 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කළේය.
මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ එම මුදල් ආධාරයට අමතරව මෙම ආධාරය ලබාදුන් බවය.