පළාත් පාලන ඡන්දයට යළි නාමයෝජනා කැඳවයි
පළාත් පාලන මැතිවරණය සඳහා දැනට කැඳවා ඇති නාමයෝජනා ආපසු කැඳවා අලුතින් නාමයෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඒ අනුව, 2023 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයට අදාලව කැඳවා තිබූ නාමයෝජනා අවලංගු කිරීමටත් නව නාමයෝජනා කැඳවීමට අදාල විධිවිධාන ක්‍රියාත්මක කිරීමටත් අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව, දැනට කැඳවා ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා ආපසු කැඳවීමට සහ නව නාම යෝජනා කැඳවීම පිණිස විධිවිධාන සැලැස්වීමට හැකිවන පරිදි මැතිවරණ කොමිෂන් සභාව වෙත බලය ලැබෙන සේ පළාත් පාලන ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සකස් කරන ලෙස තීනි කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබාදීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.