ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කරයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කරයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා කියා සිටියේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම යටතේ මෙතෙක් සංස්ථාව සතුව පැවති සපුගස්කන්ද තෙල් පිරිපහදුව වෙනම ක්‍රියාත්මක වන රජය සතු ආයතනයක් ලෙස ස්ථාපිත කරන බවයි.

එමෙන්ම, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීම මගින් පිරිවැය අඩුකර සුරක්ෂිත භාවය තහවුරු කරමින් ඉන්ධනවල ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ ගබඩා ධාරිතාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙම ප්‍රතිව්‍යුහගතකරණය හරහා ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ දැනට අනුමත සේවක සංඛ්‍යාව සහ වැටුප් ව්‍යුහය ද සංශෝධනය කෙරෙන අතර විශේෂ කාර්යයන් සහ සේවාවන් සඳහා ඩිජිටල් ක්‍රමවේදය හඳුන්වා දීමට ද බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා එහි සඳහන් කර තිබේ.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ පිරිපහදුවෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමඟ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ කාල නියමය සහ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක් ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වී ඇත.