ඉඩම් ඇපයට තබා ගිනි පොළියට ණය අරන් අමාරුවේ වැටුණු අයට මහ බැංකුවෙන් සහනයක්

ඉඩම් ඇපයට තබා ගිනි පොළියට ණය අරන් අමාරුවේ වැටුණු අයට මහ බැංකුවෙන් සහනයක්

ඉඩම් ඇපයට තබා ඉහළ පොළී අනුපාත යටතේ ණය ලබා ගැනීම, වැනි විවිධ ණය ක්‍රම ඔස්සේ ණය ලබා ගෙන අපහසුතාවයට පත් ව ඇති පුද්ගලයන් වෙනුවෙන් සහන සැලසීමේ පියවරක් ක්‍රියාත්මක කර ඇති බව මහ බැංකුව දැනුම් දෙයි.

නිශ්චල දේපළ, ණය උකස්කර, පොරොන්දු සින්නක්කර හෝ සින්නක්කර ඔප්පු ඇපයට තබා පුද්ගලයෙකුගෙන් හෝ මහබැංකුවේ ලියාපදිංචි නොවූ ආයතනයකින් ණය ලබාගෙන ගෙවාගත නොහැකිව දේපළ සින්න වීමට යන ණයකරුවන් සඳහා සහන ලබාදීම මෙහි අරමුණයි.

මහබැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතන වලින් ලබාගෙන ඇති ණය පිළිබඳව මෙමගින් මැදිහත් වීම් සිදු නොකරන බව නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව වැඩි දුරටත් පවසයි.