භාණ්ඩාගාර බිල්පත් පොළිය ඉහළට

භාණ්ඩාගාර බිල්පත් පොළිය ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 160,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද (12) කැඳවා ඇති අතර එම භාණ්ඩාගාර බිල්පත් සඳහා රුපියල් මිලියන 194,890 ක ලංසු ඉදිරිපත් වී ඇති බව මහ බැංකුව පවසයි.

එහිදී රුපියල් මිලියන 99,660 ක ලංසු පමණක් පිලිගත් බව කී මහ බැංකුව දින 91 ක බිල්පත්වල පොලී අනුපාතිකය සියයට 17.79 සිට 19.08 ක් දක්වාත්, දින 182 ක බිල්පත්වල පොලී අනුපාතිකය සියයට 15.93 සිට 16.95 ක් දක්වාත් සහ දින 364 ක බිල්පත්වල පොලී අනුපාතිකය සියයට 13.86 සිට 14.04 ක් දක්වාත් ඉහළ ගොස් ඇති බවත් මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කළේය.

Share This