චීනයේ මධ්‍යම අක්ෂ ප්‍රදේශය “ලෝක උරුම” ලැයිස්තුවට

චීනයේ මධ්‍යම අක්ෂ ප්‍රදේශය “ලෝක උරුම” ලැයිස්තුවට

චීනයේ බෙයිජිං නගරයේ පිහිටි මධ්‍යම අක්ෂ ප්‍රදේශය ‘ලෝක උරුම ලැයිස්තුව’ට නිල වශයෙන් ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව එම ලැයිස්තුවට ඇතුළත් කෙරුණු චීනයේ ලෝක උරුම සංඛ්‍යාව 59ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

එම මධ්‍යම අක්ෂය බෙයිජිං හී පැරණි නාගරික ප්‍රදේශ මධ්‍යයේ පිහිටා තිඇති අතර එහි සමස්ත දිග ප්‍රමාණය කිලෝමීටර් 7.8ක්.

13 වැනි සියවසේ ඉදිකර ඇති එම ප්‍රදේශය පැරණි නාගරික ශෛලීන්වලින් යුත් ගෘහ නිර්මාණ හා නටබුන්වලින් සංයුක්ත වනවා.

27 වැනිදා ඉන්දියාවේ නවදිල්ලී අගනුවර පැවති UNESCO සංවිධානයේ 46 වැනි ලෝක උරුම සම්මේලනයේ දී බෙයිජිං මධ්‍යම අක්ෂය ‘ලෝක උරුම ලැයිස්තුවට’ ඇතුළත් කර ඇති බව සඳහන්.

චීන රජය, බෙයිජිං පැරණි නාගරික සංස්කෘතික උරුමයන් සංරක්ෂණය හා උරුම කර දීම වෙනුවෙන් දැරූ විශාල ප්‍රයත්න හා ඉන් ලබාගෙන ඇති ප්‍රගතීන් UNESCO සංවිධානයේ ලෝක උරුම කමිටුවේ ඉහළ පැසසුමට ලක් වී තිබෙනවා.