ගිනි නිවීම් සේවකයින්ගේ නිවාඩු අලංගු කරයි

ගිනි නිවීම් සේවකයින්ගේ නිවාඩු අලංගු කරයි

පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් ඕනෑම හදිසි අවස්ථාවකට යොමුවීම සඳහා අද (13) සිට (15) දක්වා කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන්ගේ නිවාඩු අලංගු කර ඇතැයි ප්‍රාදේශීය ගිනි නිවීම් නිලධාරී රෝහණ නිශාන්ත සේනානායක මහතා පැවසීය.

ඒ අනුව, ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තු මූලස්ථානය මෙන්ම, හෙට්ටියවත්ත, ගෑන්ඩ්පාස්, වැල්ලවත්ත, කොටුව හා මාදිවෙල යන උපසේවා ස්ථානවල සේවකයන් 300 පමණ දෙනාගේ නිවාඩු අවලංගු කර ඇත.

ප්‍රධාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිතා කරන කොළඹ රාජකීය සහ ඩී එස් සේනානායක යන විද්‍යාල භූමිවල ගිනි නිවීම් රථ දෙකක්, ගිලන් රථ දෙකක් සූදානම් කර තබා ඇතැයිද ඒ මහතා කීය.

ඊට අමතරව ගිනි නිවීමේ රථ 50 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිත මුදවා ගැනීමේ රථ 12 ක් මෙන්ම ගිලන් රථ 5 ක් ද ඕනම මොහොතක ඕනම අවස්ථාවක පිටත් කර හැරීම සඳහා සූදානම්ව තබා ඇතැයිද සේනානායක මහතා වැඩිදුරටත් පැවසීය.