වැඩිහිටියන් සහ ළමුන් අතර පිළිකා ඇතිවීමේ වර්ධනයක්

වැඩිහිටියන් සහ ළමුන් අතර පිළිකා ඇතිවීමේ වර්ධනයක්

වැඩිහිටි ජනතාව සහ ළමුන් අතර මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.

අයහපත් පුරුදු සහ ක්‍රියාශීලි ජීවන රටාවක් නොමැති වීම මීට ප්‍රධාන හේතු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය සඳහන් කළාය.