කැනඩා පාර්ලිමේන්තුව විසුරුවා හැරේ – මහ මැතිවරණය අප්‍රේල් 28 වැනිදා

කැනඩා පාර්ලිමේන්තුව විසුරුවා හැරේ – මහ මැතිවරණය අප්‍රේල් 28 වැනිදා

කැනඩාවේ නව අග්‍රාමාත්‍ය මාර්ක් කානී විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.

ඒ අනුව, එරට පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 28 වැනිදා පවත්වන බවයි, ඔහු නිවේදනය කළේ.

කැනේඩියානු ආර්ථිකයක් ගොඩනැගීමට ශක්තිමත් ජනවරමක් ලබා දෙන්නැයි ඔහු එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අහිතකර බදු ප්‍රතිපත්ති මගින් ඇති කරන පීඩනයට එරෙහිව සටන් කිරිම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීම, සිය අරමුණ බව ඔහු සඳහන් කළේය.

හිටපු අගමැති ජස්ටින් ටෲඩෝ ඉල්ලා අස්වීමත් සමඟ පාලක පක්ෂ නායකත්වයට පත්වූ මාර්ක් කානී, පසුගිය 14 වැනිදා කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.