මෙවර ස්වර්ණ පුස්තක සම්මානය “කැමීලියා” නවකතාවට
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය 16 වැනි වරටත් සංවිධානය කළ 2024 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දී වසරේ හොඳම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානය විරාජිණි තෙන්නකෝන්ගේ ‘කැමීලියා’ කෘතියට හිමිවිය.
එම සම්මානය සමඟ ඇයට මුදලින් රුපියල් ලක්ෂ අට හමාරක ත්‍යාග මුදලක් ද පිරිනැමිණි.
මෙම උත්සවය ඊයේ (14) සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
මෙහිදී අවසන් වටයට නිර්දේශ වූ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ ‘මැයි මාර ප්‍රසංගය’, එරික් ඉලයප්පආරච්චිගේ ‘තිවංක කතාව’, මලිත් තුසිත ගුණරත්නගේ ‘සිල්වර් ට්‍රිප්ස්’, ලියනගේ අමරකීර්තිගේ ‘කැළලිකාරයෝ’ යන නවකතා සඳහා රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් සමඟ සහතිකපත් පිරිනැමිණි.
මෙම නවකතා ප්‍රකාශයට පත් කළ සරසවි, සන්ථව, ගොඩගේ, විදර්ශන සහ සූරිය යන ප්‍රකාශන ආයතන වලට ඇගයීමේ සම්මාන ප්රදානය කෙරිණි.
සම්මාන ප්රදානය හිටපු මහ කොමසාරිස්වරයකු වන මහාචාර්ය සසංක පෙරේරා සහ ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමයේ හිටපු සභාපතිවරු අතින් සිදුකෙරිණි.