මානසික ගැටළු වලට විසදුම් ඉල්ලා දුරකථන ඇමතුම් 78,000ක්
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයට පසුගිය වසරේදී (2024) මානසික ගැටලු සම්බන්ධව විසඳුම් ඉල්ලා දුරකථන ඇමතුම් හැත්තෑඅටදහසක් පමණ ලැබී ඇති බව වාර්තා වේ.
ගෘහස්ථ හිංසන, සයිබර් අපරාධ, ලිංගික හිරිහැර, මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටලු, ඖෂධ සම්බන්ධ ගැටලු, ලිංගික සංක්‍රාන්ති සම්බන්ධ ගැටලු, අධ්‍යාපනය සම්බන්ධ ගැටලු, විසඳුම් ඉල්ලා ලැබී ඇති දුරකථන ඇමතුම් අතර වේ.
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝවෛද්‍ය පුෂ්පා රණසිංහ ප්‍රකාශ කළේ ඉන් පුද්ගලයන් විසිහය දහසකගේ පමණ ගැටලුවලට විසඳුම් ලබාදීමට කටයුතු කළ බවය.
අන්තර් ජාලය ඔස්සේ සිදුවන බලපෑම් හේතුවෙන් මානසික ගැටලුවලට මුහුණදීමට සිදුවූ පුද්ගලයන් වැඩි පිරිසක් ද එම ගැටලුවලට විසඳුම් ඉල්ලා ජාතික මානසික සෞඛය විද්‍යාතනයේ 1926 දුරකථන අංකයට ඇමතුම් ලබා දී ඇත.
එම පුද්ගලයන්ගේ ගැටලුවලට අවශ්‍ය මැදිහත්වීම් මානසික සෞඛ්‍ය විද්‍යාතනය, hithawathiya.com ආයතනය සමග සම්බන්ධ වී විසඳුම් ලබාදීමට කටයුතු කර තිබේ.
විශේෂයෙන් වයස අවුරුදු විස්සට වැඩි පුද්ගලයන් මෙම ගැටලුවලට වැඩි වශයෙන් මුහුණ දී ඇති බව විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.