
කැලිප්සෝ සංචාරක දුම්රිය අප්‍රේල් 8 සිට නානුඔය දක්වා
ලබන අප්‍රේල් 8 දා සිට සෑම අගහරුවාදා දිනකම කැලිප්සෝ දුම්රිය ධාවනය නානුඔය දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දැනට මෙම කැලිප්සෝ දුම්රිය බදුල්ල හා බණ්ඩාරවෙල අතර දෛනිකව ධාවනය කෙරෙන බව දෙපාර්තමේන්තුව සදහන් කරයි.
විශේෂයෙන් මගීන්ගේ පවතින ඉල්ලුම අනුව කැලිප්සෝ දුම්රිය සෑම අගහරුවාදා දිනකම බදුල්ල හා නානුඔය අතර ධාවනය කිරීමට පියවර ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.