ලොව කුඩාම කැබිනට්ටුව අද රැස්වෙයි

ලොව කුඩාම කැබිනට්ටුව අද රැස්වෙයි

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලෙස පත්වීමෙන් පසුව පවත්වනු ලබන ප්‍රථම කැබිනට් හමුව අද (30) පැවැත්වීමට නියමිතය.

ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, අමාත්‍ය විජිත හේරත් යන තිදෙනාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීම ලොව කුඩාම කැබිනට් මණ්ඩල රැස්වීම වනු ඇත.

නව රජයේ පලමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී රටේ මේ වන විට බලපාන ප්‍රබල තීන්දු රැසක් සම්බන්ධයෙන් තින්දු ගනු ඇති බව වාර්තා වේ.

එහිදී ගනු ලබන කැබිනට් තීරණ සම්බන්ධයෙන් හෙට දිනයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව බව සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එල්.පී. තිලකරක්න මහතා දැනුම් දෙයි.