රජ්‍ය ආයතන වල සැප වාහන ඉවත් කරන්න කැබිනට් අනුමැතිය

රජ්‍ය ආයතන වල සැප වාහන ඉවත් කරන්න කැබිනට් අනුමැතිය

රාජ්‍ය ආයතන වලට විශාල වැය බරක් වන අධි සුඛෝපභෝගී වාහන විධිමත් ක්‍රමවේදයකට අනුව අපහරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රාජ්‍ය ආයතන වල භාවිත වන ඇතැම් අධි සුඛෝපභෝගී වාහන වල නඩත්තු හා ඉන්ධන සඳහා වැය වන අධික පිරිවැය සැලකිල්ලට ගෙන, එවැනි අධි සුඛෝපභෝගී වාහන අපහරණය කිරීම ආර්ථිකව වඩාත් ඵලදායි වන බව පෙනී ගොස් තිබේ.