බූස්සෙන් ජංගම දුරකථන සහ උපාංග සොයා ගනී

බූස්සෙන් ජංගම දුරකථන සහ උපාංග සොයා ගනී

බුස්ස බන්ධනාගාරයේ අද අලුයම දක්වා කරන ලද සෝදිසි මෙහෙයුමකදි විශේෂ අංශයේ සිර මැදිරි 05ක තිබී ජංගම දුරකතන පහක්, චාජර්, ඩේටා කේබල් සිම් කාඩ්පතක් ඇතුලු උපාංග රැසක් සොයාගත් බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.

බන්ධනාගාර උපක්‍රමික බළකාය, බන්ධනාගාර මෙහෙයුම් හා බුද්ධි අංශයේ නිලධාරින් හැත්තෑවක පමණ පිරිසක් සිර මැදිරි 46ක් පූර්ණ පරික්ෂාවකට ලක්කර මෙම දුරකතන සොයාගෙන ඇත.

මෙම දුරකතන සොයාගෙන ඇත්තේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ දරණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිර මැදිරිවලින් බවද අනාවරණයවේ.