අවුරුද්දට ගමේ ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ බස් සහ දුම්රිය පහසුකම්

අවුරුද්දට ගමේ ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ බස් සහ දුම්රිය පහසුකම්

අලු‍ත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට විශේෂ දුම්රිය සහ බස් රථ සේවාවක් අද (15) සිට ක්‍රියාත්මකයි.

මෙම විශේෂ දුම්රිය අද සහ හෙට යන දෙදින තුළ බදුල්ල, ගාල්ල හා බෙලිඅත්ත සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ. ඉදිපොලගේ මහතා පැවසීය.

මීට අමතරව හෙට සිට යළි සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය ගමන්ද ආරම්භ කරන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

මෙම අතිරේක දුම්රිය කාලසටහන පහතින්..

අප්‍රේල් 15 – පෙ.ව. 7.45 – බදුල්ල සිට කොටුව
අප්‍රේල් 15 – ප.ව. 5.20 – බදුල්ල සිට කොටුව
අප්‍රේල් 15 – පෙ.ව. 6.00 – ගාල්ල සිට කොටුව
අප්‍රේල් 15 – පෙ.ව. 8.10 – බෙලිඅත්ත සිට කොටුව
අප්‍රේල් 15 – ප.ව. 1.50 – ගාල්ල සිට කොටුව

අප්‍රේල් 16 – පෙ.ව. 6.15 – ගාල්ල සිට කොටුව
අප්‍රේල් 16 – පෙ.ව. 7.45 – බදුල්ල සිට කොටුව
අප්‍රේල් 16 – ප.ව. 5.20 – බදුල්ල සිට කොටුව

අප්‍රේල් 16 – කාර්යාල දුම්රිය සේවා සාමාන්‍ය පරිදි

මේ අතර දුම්රියෙන් කොළඹට පැමිණෙන ජනතාව සඳහා කොළඹ සිට පිටපළාත් දක්වා ලංගම හා පෞද්ගලික බස් රථ ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

පෞද්ගලික බස්රථ සියයට 50ක් පමණ අද (15) ධාවනයට එක් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ද ප්‍රකාශ කළේය.

Share This