බස් ගාස්තු ගැන දැනුම්දීමක්

බස් ගාස්තු ගැන දැනුම්දීමක්

ඩීසල් මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු වැඩිවීමක් සිදුනොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එම කොමිසමේ සභාපති, ශෂී වෙල්ගම මහතා පැවසුවේ, ඩීසල් මිල රුපියල් 5කින් ඉහළ ගිය ද බස් ගාස්තු වැඩි කිරීමේ ප්‍රතිපාදන නොමැති බවයි.

බස් ගාස්තු සම්බන්ධයෙන් පවතින නීති සහ එකඟතාවයන් අනුව මේ අවස්ථාවේදී බස් ගාස්තු ඉහළ දැමීමට නොහැකි බව ද බස් ගාස්තු ඉහළ දැමීමට නම් එම සම්මුතීන්ට අනුව කටයුතු කළ යුතු බව ද ඔහු පෙන්වා දෙයි.

බස් ගාස්තු ඉහළ දැමීමට කිසිවෙක් මේ දක්වා ඉල්ලීමක් කර නොමැති බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.