බීමත් බස් රියදුරෙකුට ලැබුණු දඬුවම

බීමත් බස් රියදුරෙකුට ලැබුණු දඬුවම

මත්පැන් පානයකොට පෞද්ගලික බස් රථයක මගීන් ප්‍රවාහනය කළ රියදුරකුගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා ඊයේ (27) නියම කළේය.

ඊට අමතරව රුපියල් 40,0000 දඩයක් ද නියම කළේය.

මෙසේ දඬුවම් නියම වූයේ වේදනයගම් ඇඩ්වින් නිමල් නමැති බස් රියැදුරකුටය.

පෞද්ගලික ආයතනයක සේවකයන් පිරිසක් රැගෙන පානදුර දෙස සිට කළුතර දෙසට ධාවනයවූ බසය පානදුර නල්ලුරුව ප්‍රදේශයේදී නවතා පරීක්ෂා කිරීමේදී රියදුරු වෙතින් මත්පැන් දුඟදක් හැමූ බැවින් පොලිස් භාරයට ගෙන සිදුකල පරීක්ෂාවකදී මත්පැන් පානය කර සිටී බවට තහවුරු වූ පොලිසිය අධිකරණයට දැන්වීය.

ඒ අනුව මගීන්ගේ ජිවිත අනතුරේ හෙලීම සම්බන්ධයෙන් තරයේ අවවාද කිරීමෙන් පසු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දඩුවම් නියම කෙරිණි.