බස් වර්ජනයක් අත ළඟ!

බස් වර්ජනයක් අත ළඟ!

‘‘ක්ලීන් ශ්‍රී ලංකා’’ වැඩසටහනට සමගාමීව පොලිසිය විසින් ක්‍රියාත්මක කර ඇති මගී බස් රථ පරික්ෂාව හරහා තමන්ට රැකියාව සිදු කර ගැනීමට විශාල බාධාවක් වී ඇති බව පවසමින් ලබන 07 වැනිදා සිට බස් ධාවනයෙන් ඉවත් වීමට බස් රථ රියැදුරන් තීරණය කර ඇත.

බස් රථ ධාවකයන් පවසන්නේ, මේ සම්බන්ධයෙන් විසඳුමක් නොලැබුණහොත් එම තීරණය ක්‍රියාත්මක කරන බවය.

පොලිස් නිලධාරින් විසින් බස් රථ නවතා ඊට ගොඩ වී විවිධ වැරදි කළ බව පවසමින් රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට හිරිහැර කරන බව ඔවුහු පවසති.

ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දුන්නේ මෙවැනි ක්‍රියාවන් බලාපොරොත්තුවෙන් නොවන බවත් මීට වඩා දේවල් රටේ සිදු කිරීමට ඇති බවත් බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරු සඳහන් කරති.

එම නිසා ‘‘ක්ලීන් ශ්‍රී ලංකා’’ යන වැඩසටහනට හරි හැටි හඳුනාගෙන එය නිවැරදිව ක්‍රියාත්මක කරන ලෙස ඔවුහු පොලිසියෙන් ඉල්ලීමක් කරති.

මේ අතර ලංකා පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරන්නේ, මෝටර් රථ ආඥා පනත අනුව සියල්ල සිදු විය යුතු අතර ඊට පරිභාහිරව පොලිසියට හෝ කිසිවකුට ක්‍රියා කිරීමට නොහැකි බවයි.