උත්සව සමය නිමිත්තෙන් අද ලංගමයෙන් අතිරේක බස්
නත්තල හා උත්සව සමය නිමිත්තෙන් අද (24) අතිරේක බස් රථ සේවා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබේ.
ඒ අනුව, පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට හැටන්, බදුල්ල, මඩකලපුව ඇතුළු දුරගමන් සදහා අතිරේක බස් රථ පනහක් පමණ යොදවා ඇති බවයි, එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ.
හෙට (25) නත්තල් දින ද මගී අවශ්‍යතාවය අනුව අතිරේක බස් රථ යොදවන බව ද ඒ මහතා සඳහන් කළේය.
අද සිට ධාවනය කෙරෙන සාමාන්‍ය බස්රථ සේවාවන්ට අමතරව මෙම අතිරේක බස් සේවා ක්‍රියාත්මක කෙරෙන බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා වැඩිදුරටත් පැවසීය.