වැඩිපුර ගාස්තු අයකරන බස්රථ වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

වැඩිපුර ගාස්තු අයකරන බස්රථ වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

බස්රථ ගාස්තුව ඉක්මවා අයකරන බස්රථ වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය පවසනවා.

ඇය සඳහන් කළේ නියමිත මුදල ඉක්මවා මුදල් අයකරන බස්රථ පිළිබඳව දැනුම් දෙන ලෙස මගින්ගෙන් ඉල්ලා සිටින බවයි.

ඒ අනුව, එලෙස කටයුතු කරන අන්තර් පළාත් පෞද්ගලික බස්රථ සම්බන්ධයෙන් 1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 0712595555 වට්ස් ඇප් අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

එමෙන්ම, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ සම්බන්ධයෙන් 1958 ක්ෂණික දුරකථන අංකයට සහ පළාත් සභා බස්රථ සම්බන්ධයෙන් අදාළ පළාත් අධිකාරි වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා.

පසුගිය 01 දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 4.24%කින්  සංශෝධනය කෙරුණා.

ඒ අනුව,  බස් ගාස්තු රුපියලකින් අඩු වී ඇති අතර නව අවම ගාස්තුව රුපියල් 27ක් .