රියදුරුට හෘදයාබාධයක් ඇතිවී ලංගම බස් රථය අනතුරක – රියදුරු මරුට

රියදුරුට හෘදයාබාධයක් ඇතිවී ලංගම බස් රථය අනතුරක – රියදුරු මරුට

අම්පාර සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක රියදුරකු ඊයේ (23) රාත්‍රී 8.15 ට පමණ හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර බස් රථය මාර්ගයෙන් ඉවතට පැන නතරවී ඇති බව ඉගිණියාගල පොලිසිය පවසයි.

අම්පාර ඩිපෝවෙන් කොළඹ බලා ඊයේ රාත්‍රි 7.00 ට පමණ බස් රථය පිටත් වී තිබේ.

රියදුරුට ඇතිවු යම් අසනිප තත්වයක් නිසා ඔහු බස්රථය ඉගිණියාගල මහා විදුහල අසල නවත්වා එම ස්ථානයේ පෞද්ගලික ප්‍රතිකාර කරන වෛද්‍යවරයකුගෙන් බෙහෙත් රැගෙන නැවත කොළඹ බලා පිටත්ව තිබේ.

ඔහුගේ අසනිප තත්ත්වය බැරෑරුම් බැවින් මෙම ගමන නොයන ලෙසට වෛද්‍යවරයා උපදෙස් දී ඇතත් වෙනත් රියදුරකු නැති බව පවසමින් ඔහු කොළඹ බලා බස් රථය ධාවනය කර ඇති අතර වෛද්‍යවරයා හමුවී සැතපුම් 10 ක් යන්නට පෙර බස් රථය පාරෙන් ඉටතට පැන තිබේ.

පසුව රියදුරු කඩිනමින් ඉඟිණියාගල රෝහලට ඇතුළත් කළත් ඒ වනවිට ඔහු මියගොස් සිට ඇති බව වාර්තාවේ.

අනතුරින් මෙම බස් රථයේ ගමන් ගත් එක් මගියකු පමණක් සුලු තුවාල ලබා තිබේ.

අනතුර සිදු වන අවස්ථාවේ බස් රථයේ මගින් 40 ක් පමණ සිටි බව එම බස් රථයේ කොන්දොස්තර තාරක නුවන් පැවසිය.

මෙසේ මියගොස් ඇත්තේ, 49 හැවිරිදි මංජුල ප්‍රසන්න නැමැති පරගහකැලේ පදිංචි දෙදරු පියෙකි.

අනතුර සම්බන්ධව ඉගිනියාගල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.