බස් ගාස්තු පහළට

බස් ගාස්තු පහළට

එළඹෙන ජූලි 1 වනදා සිට බස් ගාස්තු සියයට 5 කින් පහළ දමන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

ඒ අනුව, අවම බස් ගාස්තුව රුපියල් 2කින් පහළ යන අතර එහි නව ගාස්තුව රුපියල් 28කි.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව බස් සංගම් සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගත් බවයි, අද (28) මාධ්‍ය හමුවක් කැඳවමින් ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ.

Share This