බ්‍රිතාන්‍යයට නව අගමැතිවරයෙක්

බ්‍රිතාන්‍යයට නව අගමැතිවරයෙක්

බ්‍රිතාන්‍යයේ ඊයේ (04) පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත්වෙමින් පවතියි.

ඒ අනූව කම්කරු පක්ෂය ඉදිරියෙන් සිටින බව වාර්තා වන අතර එම පක්ෂයේ Keir Starmer එරට අගමැති ලෙස පත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.

පාර්ලිමේන්තු ආසන 650න් ආසන 410ක් ලබා ගැනීමට එම පක්ෂය සමත් වී තිබේ.

කම්කරු පක්ෂය ආසන 410 ක් සහ පාලන බලය හිමිකරගෙන සිටි කොන්සර්වෙටිව් පක්ෂය ආසන 132 ක් ලබාගැනීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස කම්කරු පක්ෂ නායක 61හැවිරිදි කෙයිර් ස්ටාර්මර් පත්වීමට නියමිතය.

වසර 14කට පසු විපක්ෂය මෙලෙස බලයට පත්ව තිබේ.අගමැති රිෂි සුනාක් නායකත්වය දරණ කොන්සර්වේටිව් පක්ෂයට හිමිව ඇත්තේ ආසන 132කි.

Share This