
පාන් මිල පහළට
පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින් එකඟතාව පළ කළ බව වෙළෙඳ අමාත්‍යංශය පවසනවා.
පාන්පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කිරීමට සමගාමීව එම තීරණය ගත් බවයි, නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ.
එමෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදන මිල ගණන්ද අඩු කිරීමට බේකරි නිශ්පාදකයින්ගේ සංගමය එකඟතාවය පල කර ඇති බවද එම නිවේදනයේ සඳහන්.
අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි පාන් පිටි මිල රුපියල් 10 කින් අඩු කර තිබුනා.