පාන් මිල පහළට

පාන් මිල පහළට

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩුකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, පාන් මිල පහළ දමුණද අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල පහළ නොදමන බවයි.