බ්‍රසීලයේ දරුණු ගුවන් යානා අනතුරකින් 61 ක් ජීවිතක්ෂයට

බ්‍රසීලයේ දරුණු ගුවන් යානා අනතුරකින් 61 ක් ජීවිතක්ෂයට

බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේ සිදුවූ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් 61 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගිය අය අතර ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ හතර දෙනෙකු සහ මගීන් 57 දෙනෙකු සිටින බවයි, එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

ද්විත්ව එන්ජින් සහිත ATR-72 ගුවන් යානය දකුණු ප්‍රාන්තයේ Paraná හි Cascavel සිට Sao Paulo නගරයේ Guarulhos ගුවන් තොටුපළ දක්වා පියාසර කරමින් සිටියදී Vinhedo නගරයට කඩා වැටුණු බවයි, Voepass ගුවන් සේවය පැවසුවේ.

ගුවන් අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූවන්ගේ පවුල් සඳහා බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා ශෝකය පළ කර තිබේ.

එමෙන්ම සාඕ පවුලෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා විසින් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි, විදෙස් මාධ්‍ය පැවසුවේ.