බ්‍රසීලයේ පෙර පාසලක ඛේදවාචකයක්

බ්‍රසීලයේ පෙර පාසලක ඛේදවාචකයක්

දකුණු බ්‍රසීලයේ “Blumenau” නගරයේ පෙර පාසලකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි ක්‍රීඩා පිටියේ සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවන් හතර දෙනෙකු ඝාතනය කර තිබේ.

පෙර පාසලට ඇතුළු වූ 25 හැවිරිදි මෙම පුද්ගලයා විසින් එල්ල කළ ප්‍රහාරයකින් තවත් ළමුන් හතර දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවට වාර්තා වන අතර ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ක්‍රීඩා පිටියේ සිටි පිරිමි ළමුන් තිදෙනෙකු සහ ගැහැණු ළමයෙකු මිය ගොස් ඇති බවත් ඔවුන් අවුරුදු 4- 7 අතර වයසේ පසුවන්නන් යැයිද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ළමුන් 40 ක් පමණ සිට ඇති බවද වාර්තා වේ.

මේ සිදුවීම හේතුවෙන් Santa Catarina ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

Share This