බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් දුරකථන උපාංග තොගයක් හමුවෙයි

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් දුරකථන උපාංග තොගයක් හමුවෙයි

අධි ආරක්ෂිත බුස්ස බන්ධනාගාරයේ රෝහල් පරිශ්‍රයේ සහ බන්ධනාගාර පරිශ්‍රය තුළ තිබී දුරකතන උපාංග තොගයක් ඊයේ (03) සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබුණි.

එහිදී බන්ධනාගාර රෝහල තුළ හා බන්ධනාගාර රෝහල් භූමිය තුළ තිබී දුරකතක චාජර් 05, Type C වර්ගයේ ඩේටා කේබල් 08 ක්, ලයිටර් 02 ක් හා පිටත ආවරණය ඉවත් කර වයර් කැබලි 02 ක් යොදා සකස් කරන ලද චාජර් 01 ක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දුරකතන උපාංග වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අධි ආරක්ෂිත බූස්ස බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දීමට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පියවර ගෙන තිබේ.